Friday, July 29, 2011

කාලකණ්ණිකමේ රැකියාව

අද ගොඩක් බ්ලොග් වල එක ලිපියක් හෝ ලියන මාතෘකාවක් තමයි මම අද මේ ලියන්න යන මාතෘකාව. එක එක අයට එක එක ජාතියේ විවිධ මත මේ ගැන තියෙන්න පුළුවන්. ඒත් මේ මගේ මතය. මේ මගේ මතය වුනත් මගේ මේ මතයත් ඔයාල සමහර අයගෙ මතයට සමානකම් තියෙන එකක් වෙන්න පුළුවන්. හොඳයි, දැන් මාතෘකාව ගැන කතාකරමු. "කාලකණ්ණිකමේ රැකියාව" මොකක්ද මේ? මම දකින විදිහට ඇත්තටම මේක තමයි ලෝකෙ තියෙන කාලකණ්ණිම, දූෂිතයන්ගේ, අධම රැකියාව. (තව වචන තිබුන වුනත් ඒව සදාචාර විරෝධී නිසා මේ බ්ලොග් එකේ මම පලකරන්නේ නෑ) මොකක්ද මේ රැකියාව? දැන් ඔය හැමෝටම තියෙන ප්‍රශ්නෙ තමයි ඒක. (සමහරු මේ වෙනකොට හිතාගෙනත් ඇති) ඒ වෙන මොකක්වත් නෙමෙයි, ගණිකා ව්‍යාපාරය. අද මුලු ලෝකෙටම වදයක්, හිසරදයක් වෙලා තියෙන ගණිකා ව්‍යාපාරය.

ඇත්තටම ඇයි ගෑණු මේ වගේ රැකියාවකට යොමු වෙන්නේ? ඒකත් මේ මෑතකදී නෙමෙයි, ගොඩක් ඈත කාලෙ ඉඳලම. මම අහල තියෙන විදිහට නම් මේ ගණිකා ව්‍යාපාරය තමයි ලෝකෙ පැරණිම රැකියාව. ලංකාවෙ තහනම් වුනත් පිටරට වල නම් මේ ව්‍යාපාරය හොඳට පිලිගත්තු, ගෞරවනීය රැකියාවක්. ඒක එහෙම වෙලා තියෙන්නෙ මේ රැකියාවේ යෙදෙන අයගේ සේවය ඒ රටවල ලොකු ලොක්කොත් ලබාගන්න නිසා. එහෙම අයට සේවය ලබාදෙන එක්කෙනෙකුට ඒ රටවල තියෙන පිලිගැනීම කියන්න බැරි තරම්. මේ රැකියාවෙ නිරත වෙලා පොලීසියට අහුවෙන ගොඩ කෙනෙක් කියන්නෙ තමන්ගේ දුප්පත් කම නිසා මේ රැකියාව තෝරගත්තා කියල. ඒත් දුප්පත් කමට කරන්න තියෙන්නේ මේකමද? මටනම් හිතෙන්නේ දුප්පත්කමට මේ වගේ රස්සාවක් කරනවට වඩා බඩගින්නේ මැරෙන එක හොඳයි කියලා. මේ රැකියාවේ යෙදෙන සමහරු මේ රැකියාව කරන්නේ හුදෙක් තමන්ගේ ආශාවට. දුප්පත්කමට මේ රස්සාව තෝරගත්තු අය කොහොම හරි සාධාරණීකරනය කලත් ආසාවට මේ රැකියාවට යොමුවුනු අයනම් කොහොමවත්ම සාධාරණීකරනය කරන්න බෑ කියලයි මටනම් හතෙන්නේ.

ඒ වගේ අයට තියෙන්නේ මොකක් හරි මානසික දුර්වලතාවයක්. එහෙම නැත්තම් විනෝදෙට තමන්ගේ ආත්මය මේ විදිහට විකුණාගෙන කන්න තරම් පහත් තත්වයක‍ට කෙනෙකුට පත්වෙන්න පුළුවන්ද? මට නම් හිතාගන්නවත් බෑ. බොහොමයක් රංගන ශිල්පිනියනුත් මේ රැකියාවට යොමු වෙලා තියෙනවා. ඒත ඒ අයනම් මේ රැකියාවට යොමු වෙන්නේ මුදල් අගහිඟකම් නිසාවත්, විනෝදෙටවත් නෙමෙයි. ඒ අය මේ රස්සාව කරන්නේ ජනප්‍රිය වෙන්න. ඇත්තටම මේ මිනිස්සු මේ තරම් පහත් වැඩකරලා ගන්න ජනප්‍රියකමෙන් වැඩක් තියෙනවද? කොහෙත්ම නෑ නේද? ලිංගිකත්වය කියන්නේ මේ ලෝකෙ ජීවත්වෙන ඕනම කෙනෙකුට තියෙන අයිතියක් වගේම ඒක මේ ලෝකෙදි ලබන්න තියෙන ඉහළම සැපයක්. ඒත් එහෙම කියල මේ වගේ ලෝකෙ ඉන්න හැම පිරිමියටම තමන්ගේ ඇඟ පෙන්වන්නත්, තමන්ගේ ආත්මය විකුණගෙන කන්නත් මේ අයට මේ අයිතිය දීල තියෙන්නේ කවුද? ඇත්තටම මේ රැකියාව මොන හේතුවක් නිසා කෙනෙක් තෝර ගත්තත් මට නම් ඒ කෙනා ගැන තියෙන්නේ වෛරයක් මිසක් අනුකම්පාවක් නෙමෙයි. මේ රැකියාව සාධාරණීකරනයි කරන්නත් කෙනෙකුට පුළුවන්. ඒත් එයගෙම අක්කා, එයාගෙම නංගී මේ රැකියාවට යොමුවෙලා ඉන්නවනම් ඒකත් එයා සාධාරණීකරනය කරනවද?

එහෙම කරන්න පුළුවන්නම් අන්න එයා හැබෑවටම මිනිස්සු අතර ඉන්න එක්තරා විදිහක තිරිසනෙක් නේද? ඒ වගේම මේ වගේ පහත් රස්සාවක් තෝරගත්තු ගෑණු මේ සමාජයේ තියන්න වටිනවද? ආශ්‍රය කරන්න වටිනවද? ඒක මටනම් ලොකු ප්‍රශ්නයක්.

7 comments:

  1. ලංකාවෙත් ඕක තහනම් නැති කරානම් ප්‍රශ්නේ ඉවරනේ, තමන්ගේ අක්කලා නංගිලා නොකරන්න තමන් වග බලා ගන්න, එතකොට ගනිකාවෝ නැතිවෙයි, එහෙම කරන්න බැරි කෙනාට ඇග විකුනන්න කියන්න, ඒකෙන් රජයට හරි ගානක් එයිනේ :ඵ්

    ReplyDelete
  2. සැහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් ඕක..නිලියෝ ගැන කියපු එකට නම් 100% එකගයි.මොකද උන්ට සල්ලි නැතිව නෙවයි නේ..උන්ට ඕන ජනප්‍රියත්වය..

    ReplyDelete
  3. සෑහෙන්න බීල හරි චම්ම අයියේ ප්‍රශ්නෙ ගැන හිතුවොත් නම් හොඳයි. (බොන එකත් එච්චර හොඳ නෑ හො‍ඳේ) ;)

    ReplyDelete
  4. @දඟයා ඔය දකුණු පැත්තේ තියෙන ෆලෝ බොත්තම ඔබලා පොඩ්ඩක් මගේ පස්සෙන් පන්නන්නකෝ. කොහොම වුනත් රජයට නම් ගානක් යයි තමා. ඒත්.....

    ReplyDelete
  5. ඔන්න මම නම් මේකට මුකුත් කියන්න යන්නේ නෑ.

    ReplyDelete
  6. බබා.... කියන නම ගත්තම, බාලවත් රැවැටිය හැකි...!!

    ReplyDelete
  7. "ඇත්තටම ඇයි ගෑණු මේ වගේ රැකියාවකට යොමු වෙන්නේ?"
    අහල තියෙනවද දියුණුයි කියාගන්න සමහර රටවල ගණිකා වෘත්තියේ යෙදෙන්නේ ගෑනු අය විතරක් නෙවයි කියල..
    ????

    හිතන්න ඕන ප්‍රශ්නයක් තමයි ඉතින්...

    ReplyDelete