Friday, July 29, 2011

කාලකණ්ණිකමේ රැකියාව

අද ගොඩක් බ්ලොග් වල එක ලිපියක් හෝ ලියන මාතෘකාවක් තමයි මම අද මේ ලියන්න යන මාතෘකාව. එක එක අයට එක එක ජාතියේ විවිධ මත මේ ගැන තියෙන්න පුළුවන්. ඒත් මේ මගේ මතය. මේ මගේ මතය වුනත් මගේ මේ මතයත් ඔයාල සමහර අයගෙ මතයට සමානකම් තියෙන එකක් වෙන්න පුළුවන්. හොඳයි, දැන් මාතෘකාව ගැන කතාකරමු. "කාලකණ්ණිකමේ රැකියාව" මොකක්ද මේ? මම දකින විදිහට ඇත්තටම මේක තමයි ලෝකෙ තියෙන කාලකණ්ණිම, දූෂිතයන්ගේ, අධම රැකියාව. (තව වචන තිබුන වුනත් ඒව සදාචාර විරෝධී නිසා මේ බ්ලොග් එකේ මම පලකරන්නේ නෑ) මොකක්ද මේ රැකියාව? දැන් ඔය හැමෝටම තියෙන ප්‍රශ්නෙ තමයි ඒක. (සමහරු මේ වෙනකොට හිතාගෙනත් ඇති) ඒ වෙන මොකක්වත් නෙමෙයි, ගණිකා ව්‍යාපාරය. අද මුලු ලෝකෙටම වදයක්, හිසරදයක් වෙලා තියෙන ගණිකා ව්‍යාපාරය.

ඇත්තටම ඇයි ගෑණු මේ වගේ රැකියාවකට යොමු වෙන්නේ? ඒකත් මේ මෑතකදී නෙමෙයි, ගොඩක් ඈත කාලෙ ඉඳලම. මම අහල තියෙන විදිහට නම් මේ ගණිකා ව්‍යාපාරය තමයි ලෝකෙ පැරණිම රැකියාව. ලංකාවෙ තහනම් වුනත් පිටරට වල නම් මේ ව්‍යාපාරය හොඳට පිලිගත්තු, ගෞරවනීය රැකියාවක්. ඒක එහෙම වෙලා තියෙන්නෙ මේ රැකියාවේ යෙදෙන අයගේ සේවය ඒ රටවල ලොකු ලොක්කොත් ලබාගන්න නිසා. එහෙම අයට සේවය ලබාදෙන එක්කෙනෙකුට ඒ රටවල තියෙන පිලිගැනීම කියන්න බැරි තරම්. මේ රැකියාවෙ නිරත වෙලා පොලීසියට අහුවෙන ගොඩ කෙනෙක් කියන්නෙ තමන්ගේ දුප්පත් කම නිසා මේ රැකියාව තෝරගත්තා කියල. ඒත් දුප්පත් කමට කරන්න තියෙන්නේ මේකමද? මටනම් හිතෙන්නේ දුප්පත්කමට මේ වගේ රස්සාවක් කරනවට වඩා බඩගින්නේ මැරෙන එක හොඳයි කියලා. මේ රැකියාවේ යෙදෙන සමහරු මේ රැකියාව කරන්නේ හුදෙක් තමන්ගේ ආශාවට. දුප්පත්කමට මේ රස්සාව තෝරගත්තු අය කොහොම හරි සාධාරණීකරනය කලත් ආසාවට මේ රැකියාවට යොමුවුනු අයනම් කොහොමවත්ම සාධාරණීකරනය කරන්න බෑ කියලයි මටනම් හතෙන්නේ.

ඒ වගේ අයට තියෙන්නේ මොකක් හරි මානසික දුර්වලතාවයක්. එහෙම නැත්තම් විනෝදෙට තමන්ගේ ආත්මය මේ විදිහට විකුණාගෙන කන්න තරම් පහත් තත්වයක‍ට කෙනෙකුට පත්වෙන්න පුළුවන්ද? මට නම් හිතාගන්නවත් බෑ. බොහොමයක් රංගන ශිල්පිනියනුත් මේ රැකියාවට යොමු වෙලා තියෙනවා. ඒත ඒ අයනම් මේ රැකියාවට යොමු වෙන්නේ මුදල් අගහිඟකම් නිසාවත්, විනෝදෙටවත් නෙමෙයි. ඒ අය මේ රස්සාව කරන්නේ ජනප්‍රිය වෙන්න. ඇත්තටම මේ මිනිස්සු මේ තරම් පහත් වැඩකරලා ගන්න ජනප්‍රියකමෙන් වැඩක් තියෙනවද? කොහෙත්ම නෑ නේද? ලිංගිකත්වය කියන්නේ මේ ලෝකෙ ජීවත්වෙන ඕනම කෙනෙකුට තියෙන අයිතියක් වගේම ඒක මේ ලෝකෙදි ලබන්න තියෙන ඉහළම සැපයක්. ඒත් එහෙම කියල මේ වගේ ලෝකෙ ඉන්න හැම පිරිමියටම තමන්ගේ ඇඟ පෙන්වන්නත්, තමන්ගේ ආත්මය විකුණගෙන කන්නත් මේ අයට මේ අයිතිය දීල තියෙන්නේ කවුද? ඇත්තටම මේ රැකියාව මොන හේතුවක් නිසා කෙනෙක් තෝර ගත්තත් මට නම් ඒ කෙනා ගැන තියෙන්නේ වෛරයක් මිසක් අනුකම්පාවක් නෙමෙයි. මේ රැකියාව සාධාරණීකරනයි කරන්නත් කෙනෙකුට පුළුවන්. ඒත් එයගෙම අක්කා, එයාගෙම නංගී මේ රැකියාවට යොමුවෙලා ඉන්නවනම් ඒකත් එයා සාධාරණීකරනය කරනවද?

එහෙම කරන්න පුළුවන්නම් අන්න එයා හැබෑවටම මිනිස්සු අතර ඉන්න එක්තරා විදිහක තිරිසනෙක් නේද? ඒ වගේම මේ වගේ පහත් රස්සාවක් තෝරගත්තු ගෑණු මේ සමාජයේ තියන්න වටිනවද? ආශ්‍රය කරන්න වටිනවද? ඒක මටනම් ලොකු ප්‍රශ්නයක්.

Thursday, July 21, 2011

අවසානය නැරඹුවෙමි

මේ පෝස්ට් එක දාන‍්නෙ නම් ටිකක් හිතේ අමාරුවෙන්. ඒ වගේම මේ දවස්වල වාරවිභාගේ නිසා තමයි මේ පෝස්ට් එක දාන්න පරක්කු වුනේ. සමහරවිට මම හිතේ දුකින් ඉන්න හේතුව ඔයාලා දැනගත්තොත් හිතයි මට පිස්සු කියලා. (ඇත්තටත් එහෙමම තමයි) කොහොම වුනත් මගේ මේ දුකට හේතුව මම මේ ඊයේ පෙරේදා දවසක බලපු චිත්‍රපටියක්. ඒ ඉතින් වෙන මොකක්ද මගේ ප්‍රියතම චිත්‍රපට මාලාවේ අවසාන එක Harry Potter and the Deathly Hallows Part 2. ඔයාලට මතකද දන්නෙ නෑ මම මගේ කලින් පෝස්ට් එකේ මේ චිත්‍රපටියේ Download Link එකක් දැම්මා. මම ඒක බාගත්තත් මට ඒක බලන්න වුනේ 19වෙනිදා. ඊට පස්සෙ මේ පෝස්ට් එක දාන්න හිතාගෙන හිටියත් විභාගෙට පාඩම් කරන්න තිබුන නිසා ඒකට වෙලාවක් හම්බවුනේ නෑ. කොහොම වුනත් හෙට විභාගේ පටන් ගන්න දවස. අද දවසෙම ඉස්කෝලෙත් නොයා පාඩම් කරලා කරලා රෑ නිදාගන්න කලින් තමයි පොඩ්ඩක් මේ පැත්තට ආවෙ.

හරි දැං බහිමු මාතෘකාවට. මම කලිනුත් කිව්ව වගේ ගිය 19වෙනිදා හිතේ පොඩි දුකකුත් තියාගෙන මම බලපු Harry Potter and the Deathly Hallows Part 2 ෆිල්ම් එක ගැන කියන්න තමයි මම මේ පෝස්ට් එක දාන්න හිතුවේ. ඒකටත් ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි ලංකාවේ ගොඩක් අයට මේ අපූරු කතාමාලාවේ අවසානය ගැන දැනගන්න තියෙන ආසාව. ගොඩක් අය මේ කතාවේ අවසානය ගැන එක එක කටකතා කිව්වා. සමහරු තිව්වා මේකෙදි හැරී මැරෙනවා කියලා. කොහොම වුනත් මම දැන් කියන්න යන්නෙ හරි කතාව. මුළු කතාවම නෙමෙයි පොඩිම පොඩි සාරාංශයක්. කලින් Harry Potter චිත්‍රපටි ටික බලපු අය දන්නව ඇතිනේ ඉතින් ඩම්බල්ඩෝ මැරුණු බව. ඉතින් ඩම්බල්ඩෝ මැරුණට පස්සෙ හොග්වර්ඩ්ස් වලට කිසිම ආරක්ෂාවක් නැතුව යනවා. ඩම්බල්ඩෝට බයේ හොග්වර්ඩ්ස්වලට පහර නොදී හිටපු වොල්ඩර්මොට් මේ කතාවෙදි හොග්වර්ඩ්ස්වලට පහර දෙන්න එනවා. ඔයාලාට මතක ඇති ඩම්බල්ඩෝ මැරුවෙ මහාචාර්ය ස්නේප් බව.

ඉතින් මේ කතාව පටන් ගන්නෙ ස්නේප් හොගිවර්ඩ් පාලනය කරන තැනින්. කොහොම හරි හැරී හොග්වර්ඩ්ස්වලට හොරෙන් ඇවිල්ලා අනෙක් අයත් එක්ක එකතු වෙලා නැවත හොග්වර්ඩ්ස්වල බලය ලබාගන්නවා. ඊට පස්සෙ වොල්ඩර්මෝට් විශාල සේනාවකුත් එක්ක ඇවිල්ලා හොග්වර්ඩ්ස්වලට දරුණු විදහට පහර දෙනවා. මේ අතරතුරේදී මහාචාර්ය ස්නේප්ටත් මැරෙන්න සිද්ද වෙනවා. වොල්ඩර්මොට් එයාව මරණවා. ඒ වගේම හොග්වර්ඩ්ස්වල බලය සඳහා කරන මේ යුද්ධෙදි රොන්ගේ සොහොයුරන් දෙන්නගෙන් එක්කෙනෙක් වගේම තවත් ඒ වගේ ප්‍රසිද්ධ කිහිප දෙනෙකුටම ජීවිතයට සමුදෙන්න සිදුධ වෙනවා. අවසානෙදි මේ ජීවිත හානි බලාගෙන ඉන්න බැරි හැරී වොල්ඩර්මෝට් එක්ක තනිවම සටන් කරන්න යනවා. එතෙන්දි වොල්ඩර්මෝට්ගේ බලය ඉදිරියේදී අසරණ වෙන හැරී මැරෙනවා. ඊට පස්සෙ වොල්ඩර්මෝට් හැරීගෙ සිරුරත් අරගෙන හොග්වර්ඩ්ස්වලට ඇවිත් එහෙ බලය ලබාගන්න හදනකොටම ආපහු වීරය කතාවට අවතීර්න වෙනවා.

ඒ වෙන කවුරුත් නෙමෙයි හැරී පෝටර්! මැරුණ කියල හිතුවත් එකා මැරිල නෑ. ආ කියන්න අමතක වුනා මේ කතාව පටන්ගන්නෙම හැරී හොක්‍රොක්ස් හොයන තැනින්. කොහොම හරි හැරී එක හොක්‍රොක්ස් එකක් ඇරෙන්න අනිත් ඔක්කොම විනාශ කරනවා. ඉතුරුවෙන එකම හොක්‍රොක්ස් එක තමා වොල්ඩර්මෝර්ට්ගේ සුරතලා. විශාල පිඹුරා. අවසානෙදි පිඹුරවත් විනාශ කරල වොල්ඩර්මෝට් ලෝකෙන් සඳහටම තුරන් කරන්න මේ අපූරු වීරයො පිරිසට පුළුවන් වෙනවා. අවසානෙදි හොඳ සතුටු හිතෙන ලස්සන අවසානයක් දකින්න පුළුවන්. මේ ලිපිය කියවලා ඒ අත්දැකීම ගන්න බෑ. ඒ නිසා ඔයාලත් දැන්මම බලන්න Harry Potter and the Deathly Hallows Part 2. ඇත්තටම ටම්ක මම මගේ ජීවිතේ බලපු ලස්සනම චිත්‍රපටියක්. ඔයාලත් බලන්න. ඊළඟ ලිපියෙන් හම්බවෙමු.

Friday, July 15, 2011

Harry Potter හි අවසානය ආරම්භ වූ වගයි !

ලොව පුරා දස දහස් ගනින් ප්‍රේක්ෂකයන්ගේ දැඩි ආකර්ෂණයක් දිනා ගනිමින්, බොක්ස් ඔෆිස් වාර්ථා බඳහෙලමින් මෙතෙක් කලක් තිරගත වූ Harry Potter චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටය පසුගිය ජූනි 15දා Harry Potter and the Deathly Hallows Part 2 වශයෙන් නිකුත් වුනා. Harry Potter චිත්‍රලට වලට ආශාකල දස දහසක් ප්‍රෙක්ෂකයන් මෙම චිත්‍රපටයේ එළිදැක්වීමේ උත්සවයට සහභාගී වුනා. ඒ හිත්වල පොඩි දුකක් හා හදපිරි කුතුහලයක් හා ආශාවක්ද ඇතිවයි. වර්ෂ ගනනාවක් ඔවුන්ගේ වීරයව සිටි මේ අපූර්වත සිනමා සිත්තමේ සමුගැනීම ඔවුන්ගේ දුකට ප්‍රධානත්‍ම හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙනවා. කොහොම වුනත් Harry Potter චිත්‍රපටවල හොඳ රසිකයෙක් විදිහට මටත් මේ ගැන පොඩි ඳුකක් නැතුවම නෙමෙයි. කොහොම වුනත් පොඩ්ඩක් Search කරල බැලුවහම මට මේ චිත්‍රපටියේ 450MB තරම් පොඩි කැමර කොපියක් හොයා ගන්න මට පුළුවන් වුනා. වෙලාවෙ හැටියටනම් කැමරා කොපියත් හොඳයි කියලා මම මේ ඒක බාගන්න ගමන්. මෙන්න ඔයාලටත් ඒ ලින්ක් එක. මේ වීරයාගේ සමුගැනීමයි ! :(

මෙන්න බාගන්න ලින්ක් එක: -
http://www.300mbunited.com/harry-potter-and-the-deathly-hallows-part-2-tsrip-filtered-450mb-scorp/

Wednesday, July 13, 2011

හිච්චි කොල්ලගේ ක්‍රිකට් හැකියාව


"පළවෙනි පෝස්ට් එක හින්දා ටිකක් හොද වෙන්නත් ඕන, පෝය දවස හින්දා යහපත් වෙන්නත් ඕන. පොඩි ප්‍රශ්නෙකට කියල තියෙන්නෙ යහපත් දෙයක් ගැන පෝස්ට් කරන්න හරි මම කවදද යහපත්, හොද දෙයක් කරේ කියන එක. කොහොම උනත් ඉතින් ඉදලහිටලා කරන පොඩි කුස්ප වැඩක් ඇරෙන්නට කියන්න තරම් වරදකුත් නෑ,හොදක්නම් කොහොමත් නෑ." හ්ම්ම්ම්......ඔන්න ඔහොම කල්පනා කර කර ඉන්නකොට තමයි මම පාසලේදී ක්‍රිකට් ගහනකොට පෙන්නන දක්ෂතා ගැන පොඩි පෝස්ට් එකක් දාන්න හිතුනෙ. මොකද මේ පෝස්ට් එක ජාතික කණ්ඩායමේ කවුරුහරි කියෙව්වොත් මම අනිවා ජාතික පිලට තෝර ගනීවි. (වතුර අදින්නත් කවුරුහරි ඉන්න එපායැ ;)

කස්ටියට මතකද දන්නෙ නෑ මම මේ බ්ලොග් එක පටන් ගත්තු දවසෙම දාපු පෝසට් එකේ මගේ ක්‍රිකට් හැකියාව ගැන ලිව්වා. ඒත් ඒක ඒච්චර ලොකු විස්තරයක් නෙමෙයි. එක අතකට මේක තමන්ම සල්ලි දීල ලොකු බාස්කට් එකක් අරගෙන හොද ලොකු මඩවලක් ලගට ගිහින් තමන්ම මඩ නානව වගේ වැඩක්. කොහොම උනත් කමක් නෑ ඕන මගුලක් වෙන්න කියල මම ඔන්න ඔහේ ලියල දානව. ඉස්සෙල්ලම කියන්න ඕන මම 7 වසරෙන් පස්සෙම ක්‍රිකට් ගැහුවෙ 10 වසරෙදි. 7 වසරෙ ඉන්න දවස්වල නම් සුපිරියටම මගේ ක්‍රිකට් හැකියාව තිබුනා. ඒ දවස්වල ඕවර් 5හේ මැච් එකේ ඕවර් 2ක් හරි 3ක් හරි දාන්නෙ අනිවා මම. ඒ මදිවට බැටින් වලදි ඕපනින් හරි වන්ඩවුන් හරි යන්නෙත් මම. කොහොම උනත් ඒ 7 වසරෙදිනේ. ඊට පස්සෙ මට අවුරුදු 3ක් ක්‍රිකට් සෙල්ලම් කරන්න වුනේ නැහැ. ඒත් 10 වසරෙදි පන්ති කඩලා (කඩල කිව්වෙ විසුරුවල) අපිව වෙනත් යාළුවොත් එක්ක අලුත් පන්කියකට දැම්මා. අෆ්ෆා...අලුත් පන්තියෙ උන් ගැනනම් කියල වැඩක් නෑ. උන් ක්‍රීඩාවෙන් උන්මන්තක භාවයට පත් වෙච්ච උන්. ක්‍රිකට් මැච්, ෆුට්බෝල් මැච් ටෙලිවිසොන් එකේ පෙන්නන්න බෑ.

එහෙම පෙන්නපු දවසට ඊළග දවසෙ කස්ටියම ඉස්කොලෙ එන්නෙ කලින් දවසෙ මැච් එක ගැන කියන්න දත මැදගෙන. ඉතින් එහෙම පිස්සො ඉන්න පන්තියකට වැටුනට පස්සෙ අයිත් ක්‍රිකට් ගහන්න වුනා කියන එක පුදුමයක්ද? මුන්ට ක්‍රිකට් ගහන්න තියෙන ආසාව කොච්චරද කිව්වොත් එක පීරියඩ් එකක් ඉවර වෙලා අ‍නිත් පීරියඩ් එකට ටීචර් පන්තියට එන්න යන වෙලාවෙත් මුන්ගෙ වැඩේ පොලු කෑල්ලකුයි, බෝලෙකුයි අරගෙන පිට්ටෙන්නට බහින එක. එක ඕවර් එකක් හරි සෙල්ලං කරල තමයි ඊලග පීරියඩ් එකට පන්තියට යන්නෙ. (එතකොට පීරියඩ් එකේ ටිකකුත් කට් වෙනවනේ. ඒක නිසා ක්‍රිකට් නොගැහුවත් මමත් යනවා. ;) කොහොමෙන් කොහොම හරි මෙහෙම ටික දවසක් යනකොට මේ සෙට් එකත් එකක් හොදටම සෙට් වෙන්න මට පුළුවන් වුනා. ඊට පස්සෙ ඉතින් හැමදාම ක්‍රිකට් තමා. පළවෙනි මැච් එක ගැන කිව්වොත් මම සාර්ථක ලෙස මට ලැබුනු කැච් 5න් 5ම ඇතෑරිය වගේම, බෝල 5කට සෙල්ලම් කරලා ලකුණු නොලබාම සාර්ථක ලෙස දැවී ගියා. ඒකනම් මට මතක් වෙනකොටත් ආසයි. ඒ හූව කොච්චර ප්‍රශන්සනීයද? කැච් එක මිස්වෙනකොටම පිට්ටෙනියෙ කොනක ඉදන් එන හූව එකපාරටම මුලු පිට්ටෙනිය පුරාම පැතිර යනවා. ෂා.....මාරයි. ප්‍රශංසනීයයි. උත්කෘෂ්ටයි. (මට නෙමේ උන්ට) ඒ වෙලාවට කලිසම ගලවලා පිට්ටෙනිය වටේ දුවන්න මට හිතුනු වාර අනන්තයි. මොකද ඒක ඊට වඩා නම්බුකරයි.

කොහොමෙන් කොහොම හරි ඔ‍හොම කාලය ගත වෙලා ගියා. දැන් ඉතින් අවුරුද්දකුත් ගෙවිල. මේ වෙනකොට නම් ගොඩක් කැච් එහෙම මට අල්ලගන්න පුළුවන්. ඒ වගේම දැන්නම් බැට් කරන්නත් ටිකක් ටිකක් පුළුවන්. දැන් ඉතින් බෝලින් පැත්ත. ඊයෙ දාපු ඕවරේටනම් විකට් දෙකකුත් ගත්ත. ඒත් මම මේ අවුරුද්දෙ දාපු පළවෙනි ඕවරේ...ඒක වාර්ථාවකුත් තිබ්බා. හයේ ඒව 2යි, හතරේ ඒව 2යි, එක්ක ඕවරේට වැඩිය නෑ 28ක් විතර වැදුනා. කොහොම උනත් මටනම් පේන්නෙ දැන් ටික ටික මගේ ක්‍රිකට් හැකියාව ආපහු තිබුනු තත්වෙටම එනව වගේ. එහෙම වුනොත් නම් නියමයි ! දැනට මේ ඇති. එහෙනම් මම ගියා...

Tuesday, July 12, 2011

හිච්චි කොල්ලා අලුත් වෙයි

ඕං ඉතින් කාලෙකට පස්සෙ මේ පැත්තෙ එන්න හම්බවුනා. ඉදල ඉදල බ්ලොග් පැත්තට ආවහම කියවන්න දේවලුත් ගොඩගැහිලා හින්දා අලුත් පෝස්ට් එකක් දාන්න ටිකක් පරක්කුවුනා. ඒකට ඉතින් සොරි හොදේ. කොහොම වුනත් මගේ බ්ලොග් එක පැත්තට ගොඩකාලෙකින් ආපු නිසාදෝ මොකක් හරි පොඩි මදිකමක් තියෙනව වගේ මට දැනුන නිසා බ්ලොග් එක රීකොන්ඩිෂන් කොරන්න කියල මුලින්ම කරේ පරණ පෝස්ට් ටික මකපු එක. ඊට පස්සෙ ‍පොඩ්ඩක් බ්ලොග් එක ලස්සන කරල එහෙම මේ පෝස්ට් එක ලියන්න ගත්තත් ලියන්න දෙයක්නම් හිතෙන්නෙම නෑ. ඇත්තම කතාව කිව්වොත් ලියන්න දේවල් ගොඩක් තියෙන නිසා මොකක් ඩස්සෙල්ල ලියන්නද කියල හිතාගන්න බෑ. කොහොම වුනත් මම හිතන් ඉන්නෙ මේ පාරනම් මේ බ්ලොග් එක දිගටම ලියනව කියලා. ඒකට ඉතින් ඔයාලගෙත් සහයෝගය ලැ‍බෙයි කියල හිතනවා. එහෙනම් මේ පෝස්ට් එක මෙතනින් නවත්තන්නම්. ඒත් ළගදීම අලුත් පෝස්ට් එකකින් ආපහු එන්නම්.