Sunday, April 15, 2012

තවත් කතාවක් - 01

"චූටි පුතා..... නැගිටිනවද මම ඇවිල්ල නැගිට්ටවන්නද?" අපේ අම්මා මට උදේ පාන්දර සුමිහිරි වදනින් ආමන්ත්‍රණය කරනවා. කොච්චර දෙයක්ද? ඔය වචන ටික ඇහුනේ නැත්තම් නිකන් උදේට කෑවෙ නෑ වගේ. අම්මා "චූටි පුතා" කිව්වට මම දැන් වයස 17ක් විතර වෙන කොල්ලෙක්. ඇත්තටම කිව්වොත් ඇටෙන් පොත්තෙන් එළියට ආවෙ නැති කොලු ගැටයෙක්. කො‍‍හොමෙන් කොහොමෙන් හරි අම්මගේ සුමිහිරි වදන් මැද්දේ මම අමාරුවෙන් ඇදෙන් නැගිට්ටේ, නැත්තම් අම්මා ඊළඟට ගන්න පියවර ගැන අත්දැකීමෙන්ම දන්න නිසා. ඒ ගැන ආයෙ කතාකරන්න දෙයක් නෑ... අම්මා මට මොන හත්වලාමකට කතාකරනවද මම දන්නෑ. අද සෙනසුරාදනේ... තෝන්දු මාන්දු වෙලා උස්සල බිම ගහපු මල පෙරේතය වගේ කාමරෙන් එළියට ආපු මගේ ඇස් දෙක ඉස්සෙල්ලම ගියේ ඔරලෝසුව දිහාවට.. ෂික්... තාම නැගිටින්න උදේ වැඩියි. වෙලාව 7.00 යි... හුටා... දැනුයි මතක් වුනේ.. අද ගෙම්බගේ පන්තිනේ....!!! කෙලියා... පොර පන්ති තියෙන දවස වෙනස් කලේ ගිය සතියෙයි. මොකද දැන් ඉස්කෝ‍ලේ පටන් අරගෙනනේ... මලා... පන්තිය තියෙන්නේ 9.00ට. අනිවා මට ගමනට පැය එකහමාරක්වත් යනවා. හුටා දැන් මක්කද කරන්නේ... කුස්සිය පැත්තට පණ කඩාගෙන දුවල ගියපු මම හනිකට තේ එක බීල හනිකට දිව්වේ ඊයේ රෑ කෑ‍ව වැඩිනිසා මගේ පස්චාත් බාගය නොනවත්වා කරන සංඥාව ඉවසන්න බැරිම නිසා... මේ වෙලාවට තමයි අර සින්දුව මතක් වෙන්නේ...

                               මහ මෙරක් උසට
                               හැදුනු රෙ** බරට
                               හඬා දොඩා ඵල නොලැබෙන හින්දා...
                               ගත්ත සරම කරට
                               දිව්ව පහල වෙලට
                               වැටකෙයියා පඳුර ව‍ටේ රු**... (මට වැටකෙයියා පඳුරු මොකටද? ගෙදර එකක් තියෙනවනේ...)

දන්න සූත්තර ඔක්කොම දාල විනාඩි 20ක් විතර යන කොට මම ලෑස්ති වුනා. අද සෙනසුරාදා. ඒ කියන්නේ අයියා ගෙදර... මරු.. ඒ කියන්නේ මට ටවුමට යන්න පොඩි ලිෆ්ට් කෑල්ලක් ගත්ත හැකි. කොහෙ ගන්නද? මේකා තාම මල පෙරේතයා වගේ පොරෝගෙන බුදි. ඒ මදිවට කාමරේ තියෙන හඩු ගඳ. කා‍මරේ පැත්ත පලාතේ යන්න බෑ.. මොනව වුනත් දැන් මිනිහට මොනවත් කියල බෑ. ගාන තරමක් බටර් ගාලා වැඩේ කරගන්න ඕන. මේ වෙලාවට තමා අම්මගේ නොමද සහයත් උවමනා වෙන්නේ... කොහෙමෙන් කොහොම හරි මම, අම්මගේ සහයත් ඇතිව දැඩි ලෙස ප්‍රහාර එල්ල කරල අයියව අවදි කරගෙන පොරගේ පිහිටෙන් ටවුමට ගියා. යන ටිකෙත් උගේ අඩෝ ඇඩියාව. සහෝදරකම පැත්තක තියලා දෙන්න හිතයි මුගේ හොම්බට දෙකක් මෙතනම පතබෑවිල යන්න...

ටවුමට යනකොට බස් එක අද්දනවා. පැය බාගයක් විතර ඒ මගුල පස්සේ දුවලා යන්තං එල්ලුනා. තව ටිකක් දුර දිව්වා නම් යන්න තිබුනා පන්තියටම... මේ බස්කාරයොත් අපි කලින් ආවොත් යන්නෙ නෑ පැයකටවත්... පරක්කු වෙලා එනකොටනම් වෙලාවටත් කලින් අද්දනවා.. මම හිතෙන් බස් එකේ ඩ්‍රයිවර් මහත්තයට සෙත් පැතුවා.. මම හිතන ඒව ඌ දන්නවනම් අනිවා මාව ෆුට්බෝඩ් එක ළඟට අරගෙන ගහනවා පුකට පයින් පාරක් ආපහු ගෙදර ගාවටම වැටෙන්න. මොනව වුනත් වෙනද වගේම අපේ කස්ටිය යන්න සෙට් වෙලා තියෙන්නේ මේ බස් එකේ. සුපුරුදු පිරදි පස්සේ සීට් එකේ ඉඳලා සීට් දෙකක් විතර ඉස්සරහට යනකම්ම තියෙන්නේ පන්ති යන අපේ සෙට් එකේ රාජ්ජේ... හිතේ හැටියට කයියක් දාගෙන යත්තහැකි. අප්සට් එක තියෙන්නේ අපේ උන්ට ආතල් එක වැඩි වුනාම ඉන්න තැන අමතක වෙන එකයි. ඒක මටත් පොදු කාරණයක්. ටිකක් හයියෙන් හිනා වුනු ගමන් බස් එකේ ඉන්න ආච්චිලා, සීයලා ටික බුල්ඩෝසරේට අහුවුනු කෙහෙල් ලෙලි ටික වගේ මූණු හදාගෙන අපේ දිහා ඔරවලා බලනවා. මොනව කරන්නද අපියි කියලත් කොල්ලොනේ...!!!

මම සෙට් එකට එකතුවුනේ පස්සෙම සීට් එකේ වාඩි වෙන ගමන්. එහා පැත්තේ ඉන්නේ මගේ බොක්ක. බොක්ක කිව්වෙ හොඳම ෆිට් එක. අනිත් පැත්තේ ඉන්නේ අනිත් බොක්ක... බොකු දෙක මැද්දෙන් මම. මුන් බොකු වුනාට තනිකරම බෝක්කු. මම කෙල්ලෙක්ට පැණිය දාන්න බෑ කැලෑ පත්තරේ ගහන්නෙ හරියට මම කෙල්ලව කසාද බැඳලා හනිමූණුත් ගිහින් වගේ... තුක් නොදකින්. ඔව්ව මතක් වෙනකොට නිකන් අත නලියනවා නලියනවා වගේ... මොනව වුනත් දුකට සැපට දෙකටම ඉන්නෙත් මුන් ටික තමයි... අනිත් එවුන් හූ තිය තිය ආතල් ගන්න අතරේ මම බස් එකේ පස්සෙම කොනට වෙලා පොඩි කල්පනාවක් දැම්මා... මාතෘකාව තමා ‍"කෙල්ලෝ"... කොල්ලෝ වෙච්ච අපිට තියෙන ප්‍රධානම සහ කුජීතම මාතෘකාව තමා ඕක. ඇතුවත් බෑ නැතුවත් බෑ. මම, මගේ අතීතය ගැනම හිතුවා. මෙතුවක් කාලෙකට මගේ ජීවිතේට ලංවුනු එකම කෙල්ලයි හිටියේ... මට තවමත් ඒ ලස්සන මූණ, ඒ තරු වගේ ඇස් හොඳට මතකයි... කාලයක් පෙම් සුව විදන්න ඔන්න මෙන්න හිටියත් හදිස්‍සියේ ‍ෆිල්ම් එකට දුෂ්ඨයා කඩා පැන්නා. දුෂ්ඨයා වුනේ කෙල්ලගේ පරණ ‍බෝයිෆ්‍රෙන්ඩ්. පොරට කන පැලෙන් බූට් පාරක් දීලා හටපු කෙල්ලට මම පොඩි ඇහැක් දාලා ෆිට් කරගත්තා. ටිකෙන් ටික වැඩිවුනු යාළුකම අන්තිමේදි දිග්ගැස්සුනා...

එයා මට හැමදේම කිව්වා. එයාගේ ජීවිතේ හැම දෙයක්ම. හැම වැදගත්, නොවැදගත් දෙයක්ම... ඒත්.... හිටි හැටියේම අර කලින් කිව්ව මූසල ගෙම්බා පහත් වුනා. සේරම ඉවරයි. ඌ ඇවිත් කෙල්ල ළඟ හොටු පෙරාගෙන අඬනව දැකට කෙල්ලගේ හිතත් උණු වුනා. උණු වීමේ ප්‍රතිඵලය වුනේ මම කන හරහට සුපිරි ගනයේ DSI බූට් පාරක් කෑම... මොනවා කරන්නද? ජීවිතේ ඔහොම තමා කියලා හිත හදාගත්තා. කල්පනා කර කර ආපු නිසා පන්තිය ගාවටම එනව මට දැනුනේ නෑ. ළඟ හිටපු මගේ පරම මිත්‍රයා, ඒ කියන්නේ පවන් මට ඇඟිල්ලෙන් ඇනල මාව කීද්දුවා... එතකොටයි දන්නේ මම හිති හිත ඇවිල්ල තියෙන දුර 40km කටත් ළඟ බව...

ගෙම්බා.. ඒ අපි අපේ සර්ට දාල තියෙන හුරතල් නම... ඒකට හේතු ගොඩක් තිබ්බා.. ප්‍රධානම එක තමා උගේ භාෂාව. මෙලෝ හසරක් තේරෙන්නේ නෑ.. මඩ ගොඩට ගල් ගහන්න වගේ.. ‍ඇත්තටම කතා කරනකොට ගෙම්බෙක් බක බක ගානව වගේ. පන්තියට ගිහිල්ලා සුපුරුදු විදිහට පස්සෙම පේලියට පේලි දෙක තුනක් ඉස්සරහින් සිංහානාරූඪ වුනා. දැන් ඉතින් ගුරා වඩිනකම් ආයෙ කයිය... කස්ටය තොර තෝංචියක් නැතිව දොඩවනවා. අලගිය තැන්, අල බැහැපු තැන්, වගේම අල ගලවපු හැටිත් කතාකරනවා. මමත් කස්ටියට සෙට් වුනා.

"ඒයි බං කල්ප අර..." පවනයා එක පාරටම පන්තියේ දොර පැත්ත පෙන්නලා කෑගැහුවා. කෑගහපු පාරට සෙට් එකම සර් කියලා හිතලා සුටුස් ගාල ඉස්සරහ බලාගත්තා. "මොකද බං මේ? උඹලට ගෑණු ඇලජික්ද? සර් නෙමෙයි ය‍කෝ බය නොවී අර පැත්ත බලහං..." පවනා කිව්වේ හිනාවෙන ගමන්.. ගෑණු ඇලජික්.. මේ මොන මගුලක්ද මූ කියන්නේ... මමත් නිකමට වගේ ඒ පැත්ත බැලුවා.. හුටා.. කිරි අප්පට බල්ලො බුරපි... ඔන්න පුතේ ජෝන් බාස්... මගේ කට ඇරුණා. මගේ විතරක් නෙමෙයි සෙට් ‍එකේම කට ඇරුණා.. ඒ ඉන්නේ සෙව්වන්දි!!! ඒ කිව්වේ මට DSI පාරක් දීපු එකී...!!!

කස්ටිය මේක කියවලා කමෙන්ට් පාරක් දාන්නත් අමතක කරන්න එපා. ලැබෙන ප්‍රතිචාර අනුත දෙවෙනි කොටසක් හදනවද නැද්ද කියලා හිතනවා. අඩුම තරමේ තවත් ලියන්න එපා කියලවත් ‍කමෙන්ට් එකක් දාල යන්න. ඒක මහ මෙරක් තරම්...

Friday, July 29, 2011

කාලකණ්ණිකමේ රැකියාව

අද ගොඩක් බ්ලොග් වල එක ලිපියක් හෝ ලියන මාතෘකාවක් තමයි මම අද මේ ලියන්න යන මාතෘකාව. එක එක අයට එක එක ජාතියේ විවිධ මත මේ ගැන තියෙන්න පුළුවන්. ඒත් මේ මගේ මතය. මේ මගේ මතය වුනත් මගේ මේ මතයත් ඔයාල සමහර අයගෙ මතයට සමානකම් තියෙන එකක් වෙන්න පුළුවන්. හොඳයි, දැන් මාතෘකාව ගැන කතාකරමු. "කාලකණ්ණිකමේ රැකියාව" මොකක්ද මේ? මම දකින විදිහට ඇත්තටම මේක තමයි ලෝකෙ තියෙන කාලකණ්ණිම, දූෂිතයන්ගේ, අධම රැකියාව. (තව වචන තිබුන වුනත් ඒව සදාචාර විරෝධී නිසා මේ බ්ලොග් එකේ මම පලකරන්නේ නෑ) මොකක්ද මේ රැකියාව? දැන් ඔය හැමෝටම තියෙන ප්‍රශ්නෙ තමයි ඒක. (සමහරු මේ වෙනකොට හිතාගෙනත් ඇති) ඒ වෙන මොකක්වත් නෙමෙයි, ගණිකා ව්‍යාපාරය. අද මුලු ලෝකෙටම වදයක්, හිසරදයක් වෙලා තියෙන ගණිකා ව්‍යාපාරය.

ඇත්තටම ඇයි ගෑණු මේ වගේ රැකියාවකට යොමු වෙන්නේ? ඒකත් මේ මෑතකදී නෙමෙයි, ගොඩක් ඈත කාලෙ ඉඳලම. මම අහල තියෙන විදිහට නම් මේ ගණිකා ව්‍යාපාරය තමයි ලෝකෙ පැරණිම රැකියාව. ලංකාවෙ තහනම් වුනත් පිටරට වල නම් මේ ව්‍යාපාරය හොඳට පිලිගත්තු, ගෞරවනීය රැකියාවක්. ඒක එහෙම වෙලා තියෙන්නෙ මේ රැකියාවේ යෙදෙන අයගේ සේවය ඒ රටවල ලොකු ලොක්කොත් ලබාගන්න නිසා. එහෙම අයට සේවය ලබාදෙන එක්කෙනෙකුට ඒ රටවල තියෙන පිලිගැනීම කියන්න බැරි තරම්. මේ රැකියාවෙ නිරත වෙලා පොලීසියට අහුවෙන ගොඩ කෙනෙක් කියන්නෙ තමන්ගේ දුප්පත් කම නිසා මේ රැකියාව තෝරගත්තා කියල. ඒත් දුප්පත් කමට කරන්න තියෙන්නේ මේකමද? මටනම් හිතෙන්නේ දුප්පත්කමට මේ වගේ රස්සාවක් කරනවට වඩා බඩගින්නේ මැරෙන එක හොඳයි කියලා. මේ රැකියාවේ යෙදෙන සමහරු මේ රැකියාව කරන්නේ හුදෙක් තමන්ගේ ආශාවට. දුප්පත්කමට මේ රස්සාව තෝරගත්තු අය කොහොම හරි සාධාරණීකරනය කලත් ආසාවට මේ රැකියාවට යොමුවුනු අයනම් කොහොමවත්ම සාධාරණීකරනය කරන්න බෑ කියලයි මටනම් හතෙන්නේ.

ඒ වගේ අයට තියෙන්නේ මොකක් හරි මානසික දුර්වලතාවයක්. එහෙම නැත්තම් විනෝදෙට තමන්ගේ ආත්මය මේ විදිහට විකුණාගෙන කන්න තරම් පහත් තත්වයක‍ට කෙනෙකුට පත්වෙන්න පුළුවන්ද? මට නම් හිතාගන්නවත් බෑ. බොහොමයක් රංගන ශිල්පිනියනුත් මේ රැකියාවට යොමු වෙලා තියෙනවා. ඒත ඒ අයනම් මේ රැකියාවට යොමු වෙන්නේ මුදල් අගහිඟකම් නිසාවත්, විනෝදෙටවත් නෙමෙයි. ඒ අය මේ රස්සාව කරන්නේ ජනප්‍රිය වෙන්න. ඇත්තටම මේ මිනිස්සු මේ තරම් පහත් වැඩකරලා ගන්න ජනප්‍රියකමෙන් වැඩක් තියෙනවද? කොහෙත්ම නෑ නේද? ලිංගිකත්වය කියන්නේ මේ ලෝකෙ ජීවත්වෙන ඕනම කෙනෙකුට තියෙන අයිතියක් වගේම ඒක මේ ලෝකෙදි ලබන්න තියෙන ඉහළම සැපයක්. ඒත් එහෙම කියල මේ වගේ ලෝකෙ ඉන්න හැම පිරිමියටම තමන්ගේ ඇඟ පෙන්වන්නත්, තමන්ගේ ආත්මය විකුණගෙන කන්නත් මේ අයට මේ අයිතිය දීල තියෙන්නේ කවුද? ඇත්තටම මේ රැකියාව මොන හේතුවක් නිසා කෙනෙක් තෝර ගත්තත් මට නම් ඒ කෙනා ගැන තියෙන්නේ වෛරයක් මිසක් අනුකම්පාවක් නෙමෙයි. මේ රැකියාව සාධාරණීකරනයි කරන්නත් කෙනෙකුට පුළුවන්. ඒත් එයගෙම අක්කා, එයාගෙම නංගී මේ රැකියාවට යොමුවෙලා ඉන්නවනම් ඒකත් එයා සාධාරණීකරනය කරනවද?

එහෙම කරන්න පුළුවන්නම් අන්න එයා හැබෑවටම මිනිස්සු අතර ඉන්න එක්තරා විදිහක තිරිසනෙක් නේද? ඒ වගේම මේ වගේ පහත් රස්සාවක් තෝරගත්තු ගෑණු මේ සමාජයේ තියන්න වටිනවද? ආශ්‍රය කරන්න වටිනවද? ඒක මටනම් ලොකු ප්‍රශ්නයක්.