Thursday, July 21, 2011

අවසානය නැරඹුවෙමි

මේ පෝස්ට් එක දාන‍්නෙ නම් ටිකක් හිතේ අමාරුවෙන්. ඒ වගේම මේ දවස්වල වාරවිභාගේ නිසා තමයි මේ පෝස්ට් එක දාන්න පරක්කු වුනේ. සමහරවිට මම හිතේ දුකින් ඉන්න හේතුව ඔයාලා දැනගත්තොත් හිතයි මට පිස්සු කියලා. (ඇත්තටත් එහෙමම තමයි) කොහොම වුනත් මගේ මේ දුකට හේතුව මම මේ ඊයේ පෙරේදා දවසක බලපු චිත්‍රපටියක්. ඒ ඉතින් වෙන මොකක්ද මගේ ප්‍රියතම චිත්‍රපට මාලාවේ අවසාන එක Harry Potter and the Deathly Hallows Part 2. ඔයාලට මතකද දන්නෙ නෑ මම මගේ කලින් පෝස්ට් එකේ මේ චිත්‍රපටියේ Download Link එකක් දැම්මා. මම ඒක බාගත්තත් මට ඒක බලන්න වුනේ 19වෙනිදා. ඊට පස්සෙ මේ පෝස්ට් එක දාන්න හිතාගෙන හිටියත් විභාගෙට පාඩම් කරන්න තිබුන නිසා ඒකට වෙලාවක් හම්බවුනේ නෑ. කොහොම වුනත් හෙට විභාගේ පටන් ගන්න දවස. අද දවසෙම ඉස්කෝලෙත් නොයා පාඩම් කරලා කරලා රෑ නිදාගන්න කලින් තමයි පොඩ්ඩක් මේ පැත්තට ආවෙ.

හරි දැං බහිමු මාතෘකාවට. මම කලිනුත් කිව්ව වගේ ගිය 19වෙනිදා හිතේ පොඩි දුකකුත් තියාගෙන මම බලපු Harry Potter and the Deathly Hallows Part 2 ෆිල්ම් එක ගැන කියන්න තමයි මම මේ පෝස්ට් එක දාන්න හිතුවේ. ඒකටත් ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි ලංකාවේ ගොඩක් අයට මේ අපූරු කතාමාලාවේ අවසානය ගැන දැනගන්න තියෙන ආසාව. ගොඩක් අය මේ කතාවේ අවසානය ගැන එක එක කටකතා කිව්වා. සමහරු තිව්වා මේකෙදි හැරී මැරෙනවා කියලා. කොහොම වුනත් මම දැන් කියන්න යන්නෙ හරි කතාව. මුළු කතාවම නෙමෙයි පොඩිම පොඩි සාරාංශයක්. කලින් Harry Potter චිත්‍රපටි ටික බලපු අය දන්නව ඇතිනේ ඉතින් ඩම්බල්ඩෝ මැරුණු බව. ඉතින් ඩම්බල්ඩෝ මැරුණට පස්සෙ හොග්වර්ඩ්ස් වලට කිසිම ආරක්ෂාවක් නැතුව යනවා. ඩම්බල්ඩෝට බයේ හොග්වර්ඩ්ස්වලට පහර නොදී හිටපු වොල්ඩර්මොට් මේ කතාවෙදි හොග්වර්ඩ්ස්වලට පහර දෙන්න එනවා. ඔයාලාට මතක ඇති ඩම්බල්ඩෝ මැරුවෙ මහාචාර්ය ස්නේප් බව.

ඉතින් මේ කතාව පටන් ගන්නෙ ස්නේප් හොගිවර්ඩ් පාලනය කරන තැනින්. කොහොම හරි හැරී හොග්වර්ඩ්ස්වලට හොරෙන් ඇවිල්ලා අනෙක් අයත් එක්ක එකතු වෙලා නැවත හොග්වර්ඩ්ස්වල බලය ලබාගන්නවා. ඊට පස්සෙ වොල්ඩර්මෝට් විශාල සේනාවකුත් එක්ක ඇවිල්ලා හොග්වර්ඩ්ස්වලට දරුණු විදහට පහර දෙනවා. මේ අතරතුරේදී මහාචාර්ය ස්නේප්ටත් මැරෙන්න සිද්ද වෙනවා. වොල්ඩර්මොට් එයාව මරණවා. ඒ වගේම හොග්වර්ඩ්ස්වල බලය සඳහා කරන මේ යුද්ධෙදි රොන්ගේ සොහොයුරන් දෙන්නගෙන් එක්කෙනෙක් වගේම තවත් ඒ වගේ ප්‍රසිද්ධ කිහිප දෙනෙකුටම ජීවිතයට සමුදෙන්න සිදුධ වෙනවා. අවසානෙදි මේ ජීවිත හානි බලාගෙන ඉන්න බැරි හැරී වොල්ඩර්මෝට් එක්ක තනිවම සටන් කරන්න යනවා. එතෙන්දි වොල්ඩර්මෝට්ගේ බලය ඉදිරියේදී අසරණ වෙන හැරී මැරෙනවා. ඊට පස්සෙ වොල්ඩර්මෝට් හැරීගෙ සිරුරත් අරගෙන හොග්වර්ඩ්ස්වලට ඇවිත් එහෙ බලය ලබාගන්න හදනකොටම ආපහු වීරය කතාවට අවතීර්න වෙනවා.

ඒ වෙන කවුරුත් නෙමෙයි හැරී පෝටර්! මැරුණ කියල හිතුවත් එකා මැරිල නෑ. ආ කියන්න අමතක වුනා මේ කතාව පටන්ගන්නෙම හැරී හොක්‍රොක්ස් හොයන තැනින්. කොහොම හරි හැරී එක හොක්‍රොක්ස් එකක් ඇරෙන්න අනිත් ඔක්කොම විනාශ කරනවා. ඉතුරුවෙන එකම හොක්‍රොක්ස් එක තමා වොල්ඩර්මෝර්ට්ගේ සුරතලා. විශාල පිඹුරා. අවසානෙදි පිඹුරවත් විනාශ කරල වොල්ඩර්මෝට් ලෝකෙන් සඳහටම තුරන් කරන්න මේ අපූරු වීරයො පිරිසට පුළුවන් වෙනවා. අවසානෙදි හොඳ සතුටු හිතෙන ලස්සන අවසානයක් දකින්න පුළුවන්. මේ ලිපිය කියවලා ඒ අත්දැකීම ගන්න බෑ. ඒ නිසා ඔයාලත් දැන්මම බලන්න Harry Potter and the Deathly Hallows Part 2. ඇත්තටම ටම්ක මම මගේ ජීවිතේ බලපු ලස්සනම චිත්‍රපටියක්. ඔයාලත් බලන්න. ඊළඟ ලිපියෙන් හම්බවෙමු.

No comments:

Post a Comment